Monday, 19 April 2021

 වකාශයන් ශේෂව ගිය ජීවිතයෙන් මිදී අපරිමිත අවකාශයේ ඉඩක් ලබනට…    ගණිකාවක් වූ   

ඇය  ද  අම්මා නම් ව්ය..


පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම..
වැරදුනේ අපි නිසයි ඈ වැරදිද කෝම..
බක්මහේ කොවුල් බිජු පුපුරණ දාක..
නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනව ද ගේම..

තනේ කඩා විසිකර පත්තිනි වේ නම්..
අනේ හාමතේ අපි මැරිලා එහෙනම්..
වනේ පාරන්නෙ වන ඵල විස වී නම්..
නගේ දැන් යමං පඬි පුර ගිනි තියපන්..
 
සතා කියා ඉඳහිටක දි ඇහුනාට..
කතා හදන උන් සේරම බෝසත් ද..
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට..
කතන්දර එපා - වැඳපන් අම්මාට..

ළඳුනේ

 

දෙනෝ දහක් අත ගත්තද සැමියෙකු නැති ළඳුනේ

                                                                                                                                                                               










මේ ගීතය ලියූවේ රණ්බන්ඩා සෙනවිරත්න ශූරීන්. රණ්බන්ඩා ශූරීන් සරසවියෙ ඉන්න කාලෙ එයාගෙ යාලුවො එක්ක ගණිකාවන් හමුවෙන්නට ගිහින් තියෙනව. ඉන් ටික කාලයකට පසු වෘත්තියෙන් නීතීඥයෙකු බවට පත්වන ඔහු දිනක් නුවර උසාවියට නඩුවකට පෙනී සිටීම සඳහා පිටත් වෙනවා. නඩුව අවසානයේ ඔහු නැවත නිවෙස කරා පිටත් වීමට සූදානම් වූවත් ඔහුගේ මිතුරා පවසන්නේ හෙට තවත් නඩුවකට පෙනී සිටීමට ඇති හෙයින් එදින රාත්‍රිය ඔහුගේ නිවසේ නවාතැන් ගන්නා ලෙසයි. හවස ඔවුන් දෙපළ දළදා මාළිගාව වැඳ පුදා ගන්නට මාළිගාවට යනවා. එහිදී ඔහු දකිනවා සුදු සාරියක් හැඳි, සුරූපී ස්ත්‍රියක් මල් වට්ටියකුත් දෝතින් රැගෙන මාළිගාවේ පිය ගැට පෙළ නඟිනවා. ඇය දෙස ඔහු බලා සිටිද්දී ඔහුගේ මිතුරා ඇය ගණිකාවක් බවත් සෑම දිනකම ඇය මෙසේ සිරිතක් ලෙස මාළිගාව වැඳ පුදා ගැනීමට පැමිණෙන බවත් පවසනවා.

මේ කෙනා නුවර ලොකු සමාජ බලයක් තිබුන පවුලක පොඩි දුවලු, අඩු වයසෙන් කෙනෙක් එක්ක සම්බන්ධයක් ගොඩ නැගිලා, මුළු ජීවිතේම එයා වෙනුවෙන් කැප කරලා, අන්තිමට ඒ මිනිහගෙන්ම උහුලාගෙන ඉන්න බැරි තරම් දේවල් වෙන නිසා අයෙත් පාරක් තමන්ගේ අම්ම තාත්ත ලගට යන්න වෙන තැනට පත් වෙනවා. ඒත් ගියාට වැඩක් නෑ, ගහල එලවනවා, අන්තිමට මුළු ජීවිතේම කැප කරපු කෙනත් අද නෑ, මෘගයෙක් වෙලා. එයා ලගට එද්දී හිටපු තමන්ගේ සමීපතමයොත් අද පිළිගන්නේ නෑ. ඒ වෙනුවට ඉන්නේ තුරුලේ කැටි වෙලා නිදන් ඉන්න කිරි කැටියෙක් විතරයි. කාට කියන්නද? කව්රු අහන්නද? සමාජයෙන් ආදරේ බලාපොරොත්තු උන එයාට අද කව්රුත් නෑ. ඒ සමාජයෙන්ම ගහල බැනල , රැවටීමට ලක් වෙලා. තමන් මෙතෙක් විශ්වාස කරපු හැම දේම තමන් ඉස්සරහ බොරුවක්, නිකන්ම නිකම් වචනයක් වෙලා හැල්ලු වෙලා යද්දී, කාත් කව්රුත් ඇත්තටම නැති කෙනෙකුට තව මොනවද මේ සමාජයේදී රැක ගන්න කියල ඉතුරු වෙන්නේ? අන්තිමට වචන විතරයි, ඒ වචන ක්‍රියාත්මක වෙන්නේ නෑ. ක්‍රියාත්මක වෙන්නේ එකම සත්‍යයයි. ඒ සත්‍ය එයා තේරුම් ගන්නවා. ඔන්න ඔය කතාවයි, රණ්බන්ඩා ශූරීන්ගේ සරසවි සමයේ අත් දැකීම්නුත් එක්ක තමයි මේ ගීතය ගොඩ නැගෙන්නේ.
ඇත්තටම ඒ අය කෙනෙක් එක්ක නිදාගද්දී සාප කරනවා හිතින්. ඒ අය මේ සමාජයේ තියෙන හෙළුව හොදටම දකින අය. හැම කෙනාගේම රෙද්ද ගැලවෙන්නේ ඒ අය ඉස්සරහ, හැමෝගෙම හෙළුව දකිනවා. එහෙම බැලුවම අපි මොන තරම් හිස් මිනිස්සුද? හොඳින් මතක තියා ගන්න, මේ කියන දේවල් හැම කෙනෙක්ටම ඒ විධියටම අදාල නොවෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා යතාර්ථවාදීව මේ දිහා බලන්න. අන්තිමට මට කියන්න තියෙන්නෙත් මෙච්චරයි..

රහසේ පව් කරන දනා, එලියෙ රවන ළඳුනේ..
ලැම පමණක් ලොවට පෙනෙන..
ළය නො පෙනෙන ළඳුනේ..
කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ..

Friday, 5 February 2021

👌👌රාමුවෙන් පිට සායම් කරන්නට ......



''.Let's think outside the frame''.....



  • වෙනස් වන  ලෝකයේ නොවෙනස් වන එකම දෙයත් වෙනස් වීමයි.සිතුවිල්ලක වෙනස ජිවිතේ බොහෝ දේ ඔබට කියා  දේවි. ඔබට ඔබව සොයා ගැනීම විටක දුෂ්කර දෙයක් විය හැකිය.බොහෝ විට වෙනත් කෙනෙකුගේ සිතිවිල්ලක් ඔබව අන්ධයෙකු බවට පත් කරන්නට සමත් වේ.                                                                                                                                    ලෝකයේ බොහෝ අත්දැකීම් තුළ පැවති මතවාද ,අර්ථ නිරෑපන ,සිද්ධාන්ත හා න්‍යායන් මත සමාජ ස්ථරය නිර්මාණය වුවත් එහි ඇලී සිට ගතානුගතික වීම ඔලමොට්ටල  දෙයකි.  අප තවමත් සිටින්නේ නිව්ටන්ගේ නියමයන් තුළ  නොවේ ද                                                                                                                                                                    රාමුව තුළට වී ඉන්නතාක් අප  හොද මිනිසුන්ගේ ‍කොටසට වැටී අපට හොදින් සලකන අතර කඩුල්ල පැන දුවන්නේ නම් සාපරාධී වරදකරුවෙකු වේ.ලෝකයක් වෙනස් කිරීමට යාමට වඩා මරණ දණ්ඩනය  හොද යැයි මට සිතේ.එහෙත් ජිවන ගමනේ සාර්ථකත්වයට අපේ මාවත වෙනස් කරන්නට අපිට හැකියි.මන්ද ලෝකයක් වෙනස් කරනවාට වඩා අපේ සිතිවිලි වල අරුත වෙනස් කරන්නට හැකි නම් කෙසේ හෝ රාමුව බිද ගෙන පනින එකා සාර්ථකත්වය කරා පියමනිනු නොඅනුමානයි.                                                                                                                                                                                                         

අළුත් විදිහකට සිතන්න...සායම් කරපු ලෝකයක අළු පාට කියන්නෙ කාටවත් නොපෙනී සිතන්න අළුත් නවාතැනක් .......කලු සුදු අතරේ අළු පාටයි අපි කියන්නෙ අන්න ඒ නිසයි....

  අ වකාශයන් ශේෂව ගිය ජීවිතයෙන් මිදී අපරිමිත අවකාශයේ ඉඩක් ලබනට…    ගණිකාවක් වූ    ඇය  ද  අම්මා නම් ව්ය.. පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම.. වැරදු...